In to the Unknown(Part II) – Bopaththalwa

In to the unknown හි අපි නැවතුනේ norwood වලින් බව මතක ඇත්නේ. අපි norwood වලින් දිවා ආහාරය ගෙන camping කිරීමට අවශ්‍ය අඩුම කුඩුම ටිකත් norwood හින්ම මිලදී ගතෙමු. එහි සිට බොගවන්තලාව ට ඕනෑ තරම් බස් ඇත. අපි බෝගවන්තලවට ලඟා වන විට සවස 2ක පසුවී තිබුණි. ගමන අරාබ්මබයට පෙර එහ අවට පිහිටි කඩ හිමියන්ගෙන් අපේ ගමන ගැන වැඩි තොරතුරු විමසා සිටීමේදී අපිට දන ගන්නට හැකි වුනේ මාර්ගය යම් තාක් දුරට දුෂ්කර වුවද බෝපත්තලාවේ පිහිටි farm එකට යන එන මිනිසුන් නිසා මාර්ගය සොයා ගැනිමට එතරම්  අපහසුවක් නොවනු ඇති බවයි.

අපගේ අරමුණ වුයේ රෑ බෝ  කලින් බෝපත්තලාවෙහි camping කිරීම සදහා තැනක් සොයා ගැනීමයි. අප අතුරු පාර දිගේ ගමන් කර කෙමෙන් කෙමෙන් අඩි පාරකට ලඟා වුනේ පාසලක් දෙසට හැරමිනි. එය මෙම ගමේ පාසලයි. මෙහි වෙසෙන ජනගනයෙන් බහුතරයක් දමිල ජනතාවයි. මෙම පාසලද දමිළ මාද්‍ය පාසලකි. අප ගමන් ගන්න මාර්ගයේම එම පාසලේ සහෝදරයෙක් අප කතාවට අල්ල ගැනීමට සමත් විය. ඔහුට එතරම් සිංහල භාෂාව නොහෙකි වූ අතර අපට අදහස් හුවමාරුව සඳහා ඔහුගේ භාෂාව හැසිරවීම ප්‍රමාණවත් විය.

ඔහුගෙන් අප යායුතු මාර්ගය ගැන විමසා සිටීමේදී අපට දැනගත හැකි වුයේ ගල් දෙබෝක්කක් මැදින් පිවිසි විට අප ළඟ වනුයේ බෝපත්තලවට බවයි. එමෙන්ම ඒ අසල බඹර කුඩු ඇති බැවින් වැඩි ශබ්දයක් නොකරන ලෙසටද අප හට උපදෙස්  ලැබුණි. මේ වන විට අප සියලු දෙන හොඳටම හෙම්බත්වී සිටි නිසා අපට ඉතා සිසිල් දිය පොදක පහස වින්ද ගැනීමට  උනන්දුවක් තිබුනද ඒ සදහා ස්ථානයක් ළඟ පතක නොමැති බවද අපගේ දමිල සහුර්දයා විසින් පවසන ලදී. ඔහු තවත් මද දුරක් අප සමග ඇවිද අපෙන් සමුගත්හ. අපේ සෙට් එකට මේවන විට තෙහෙට්ටුව කෙමෙන් ළඟ වෙමින් පැවතිනි. එකිනෙකා දිරිමත් කර ගනිමින් විහිළු කතා සපයමින්, අපි බෝගවාන division යන board එක ලඟට පැමිණියෙමු. එය බෝගවාන තේ වත්තේ manager මහතාගේ බන්ගලවායි. එයින් අප මෙතෙක් පැමිණි මර්ගයහිද අවසානය විය. ඉන්පසු ඉදිරියට ඇදීමට ඇත්තේ ඉතා කෙටි ආදී පාරකි. එයිනුත් ඉදිරියට ඇදුනු අපිට එම ආදී පාරේද නිමාව දුටුවිට, අපට සනිකින්ම පර වර්දී ඇති බවට හැඟුනි. අප ඉදිරියේ වුයේ ගල් තලාවකි. නමුත් මලයා කිවූ දෙබෝක්කවනම් අපිට පෙනෙන්නට තිබුණි. මදක් එහි රැදී විට මිනිස්රුවක් අපට ගල් තලාව උඩින් දිස් විය. අප බෝපත්තලවට මාර්ගය විමසා කැගැසූ විට එය හරි මාර්ගය බවද, එතැන් සිට මාරගය දුෂ්කර බවද අපට වැටහිණි.

එ වන විට වෙලාව සවස 4 පමණට ලං වී තිබුණි. තවත් යායුතු දුරක් ඇති බව අපට හමුවූ ගැමියා ගෙන් විමසීමේදී දැනගැනීමට  ලැබුණි. ඔහුද පැමිනෙනේ සැවොම දන්නා බෝපත්තලාවේ farm එකේ සිට බව අපට දැනගන්නට ලැබුණි. මදක විරාමයක් බොහොයට උවමනා වුවද තව ටික දුරක් ගොස්ම විවේකයක් ගන්න තීරණය කළෙමු. ඒ වන විට අපගෙන ආ වතුරද අවසන් වී තිබුණි. සුළු දිය කඩිති හමුවුවද ඒවා පානයට තරම් සුදුසු නොවූ හෙයින් දිගටම කන්ද තරණයහි සියල්ලන්ම යෙදුනි.

ගල් දෙබොක්කාව ව මැදින් තරණය කොට තැනිතලවකට පිහිටි අප හට බෝපත්තලාවේ කන්දේ පළමු view එක දැකගැනීමට හැකි විය. ඒ වනවිට වෙලාව හවස 5ත් පසුවී තිබු නිසාද අප සියලු දෙනාම ඉතාමත්ම වෙහෙසට පත්වී සිටි බැවින් ප්‍රදාන අරමුණ වූ කන්ද  තරණය කල් දැමීමට සිදු වීය. ඊළඟට අප සොයා බැලුවේ camping කිරීම සදහා සුදුසු තැනකි. ඊට අමතරව අපට ජල අවශ්‍යතාවය තදින් දැනුනි. හීන් මිදුමක්ද අප දෙඅට ගලා එමින් පැවතිනි. ගමේ මිනිසුන් කියූ පරිදි අපට වතුර ගත යුතු වෙන්නේ මෙහි පිහිටි farm එකෙනි. නමුත් farm එකක තිය මිනිස් පුළුටක්වත් එම ගොන්මන් වේලාවෙහි සලකුණක් නොමැත.

තවත් ටිකක් එහෙමම කන්ද දෙසට ඇදුනු අපිට යාන්තමින් අඩි පාරක සලකුණක් තැන්නෙහි කෙළවරක සිට ඇරබෙන බව අපිට පෙනී ගියහ. යන්නට වෙන දෙසක් නොතිබූ බැවින් farm එක සොයා එම පර දිගේ ඇවිද යාමට අප තීරණය කළෙමු. මෙම තැන්නද  යම් ලෙසකින් horton තැන්නට සමාන වුවද ලඟකදී කව්රුන් හෝ විසින් මෙහි සමහර බිම් කොටස් පුළුස්සා දම ඇති බව පෙනී ගියේය. තවද හරිත කන්ද ලෙසින් හැදින්වූ බෝපත්තලාවේ කන්ද හරිත බවද පහවී ගොස් යම් කහ පැහැයට හුරු කොල  පැහැයක් ගෙන තිබුණි.

20170124_171510

 තවත් 2km ක් පමණ ඇවිද ගිය අපිට farm එක දැක ගත හැකිවිය. එය අප සිත තුල ඇදී තිබු farm එකට බොහොවෙනස් වන බව එහි තිබු නාම පුවරුවෙන්ම අපට සිත ගත හැකි විය. එහි සඳහන් වුයේ ජාතික පශු සම්පත් සංවර්දන මණ්ඩලය මැනික්පාලම (NLDB) යනුවෙනි. එම board එකත් පසු කරමින් අපි ඉදිරියට ඇදුනේ එහි සිටින අයෙකුගෙන් රාත්‍රිය ගත කිරීමට වතුර ඇති ස්ථානයක් තිබේද යන්න දැනගැනීමටයි. ඔවුන්ගේ කාර්යාලයට ගියවිට එහි සිටි මහතුන් සමග කතා කිරීමේදී ඔවුන් කියා සිටියේ මෙහ දින වල camping කිරීම එතරම් නුවනට හුරු නොබති බවයි.    හේතුව වුයේ එකක් පිරිසිදු ජලය නොමැති බවත්, අනෙක පහුගිය දවස් වල එම පලාතට  ice වැසි වටිනු හෙයින් ඔවුන්ට තෘණ බිම් පිළිස්සීමට සිදුවූ හෙයින් සර්පයින් වැනි විසිකුරු සතුන් සුලබ බවයි. එහි සිටි බොහෝ දෙන අප සමග ඉතාමත් සුහදව සලාපයේ යෙදුනු අතර ඔවුන්ගේ උපදස් පිළිගෙන අප සැවොම camping කිරීමේ අදහස අතහැර ගතිමු.

එමෙන්ම ඔවුන් සමග රැය ගත කිරීමටද අපට ආරාධනාවක් ලැබුණි. එය අපිට ඉමහත් සතුටක් ගෙන දුන් කාරණයක් වූ අතර, එහි general manager වන ශානක ප්‍රභාෂ්වර අයියා හට මෙම මොහෙතිද අපට කල එහ උදව්ව ගැන ඉතාමත් ආදරෙන් මතක් කරමි. ඔහු සමග ඔහුගේ quarters වලට පියමන් කල අපි පසුව ඔහුගෙන් ඉතාමත් ප්‍රනීත ආහාර වේලක්ද රස වින්දෙමු. හෝ සමග කල රස කතා කීමට නම් වෙනම ලිපියක් වුවුද ලිවිය හැක. දැනටද මෙම ලිපිය ඉතාමැහැ දිගු වෙමින් පවතින හෙයින් ඉතාමත් කෙටියෙන් කිවහොට් ඉතාමත් සොඳුරු රැයක් අප ඔහුගේ නවාතැන්පලේ ගත කළෙමු. පහතින් ඇති photos එයට හොඳින් සාක්ෂි සපයනු ඇත.

This slideshow requires JavaScript.

පසුදා උදැසන අප අවදි වුයේ ඉර සේවය නැරඹීමටය. ශානක අයියා කිවූ පරිදි සිරිපා කරුනවේදී අප දකින ඉර සේවය බොහෝ විට මෙහිදීද දැක ගත හැකි බවයි. නමුත් එදා අප අවාසනාවකට මිදුම් මුළු ප්‍රදෙසයම අරක් ගෙන තිබු හෙයින් අපර එය දැක ගත නොහැකි වීමයි. එදින අපගේ  අරමුන වුයේ farm එක නැරබීමෙන් අනතුරුව කන්ද තරණය කිරීමයි. උදෑසන ආහාරය සහ  ප්‍රනීත නැවුම් කිරි වීදුරුවකින් අනතුරුව අප සියලු දෙනා නැවතත් farm එක කර පියමන් කළෙමු. උදැසන එහි වාතයේ තිබු නැවුම් බව අප සිත ප්‍රබෝද කල අතර එම අවට පරිසරයේ නිස්කලංක බාවය අලංකාරත්වයත් ගැන වචනයෙන් විස්තර කර කිරීමට නොහැකි කරුණකි.

This slideshow requires JavaScript.

ලංකාවේ 2වෙනියට විශාල farm එක මෙය වන අතර මෙහි ගවයින් 1500 කට අසන්න ප්‍රමානයක් සිටින බව අපට මෙහිදී දැන ගැනීමට ලැබුණි. තවත් ටික වෙලාවක් farm එකේ ගත කර අප ශානක අයියටත් අනෙකුත් මහතුනටත් සමුදී කන්ද තරණය කිරීමට නැවතත් අප ආ මාර්ගය ඔස්සේ පියමන් කලෙමු. නිශ්චිත අඩි පාරක් වුවද නොමැති හෙයින් ඇස් මානයට අපි තරණය පටං ගතිමු. එය එතරම්ම උස කන්දක් නොවුවද පරිසරයේ  ආර්ද්‍රතාවය හා slope එක නිසා අප හට මහන්සියක්  දැනුනි. ඉහලට යන්න යන්න වටේ පරිසරයේ තිබු අලංකාරය අපට මැනවින් පිළිඹිබු විය.

විටින් විට ගිමන් හරිමින් පරිසරයේ සුන්දරත්වය විඳිමින් අප කෙමෙන් කෙමෙන් කඳු මුදුනට ළඟ විය. camping කිරීමට තරම් සුදුසු එක් ස්තානයක් පමනක් මේ අතරතුර අපට හමුවුන අතර, ඔබ කිසිදු  ආහාර පිළිසකර කිරීමක් නොකරන්නේනම් මෙම ස්ථානය කදිම තැන්නක් බව  හැඟීම විය. නමුත් රාත්‍රියට පවතින අදික සුළඟද සැලකිය යුතු කරණකි.

කඳු මුදිනේ සිට සතර දෙසු බැලුවිට චමත්කාරය සහ එහ හැඟීම කියා නිමකල නොහැක. එහි මුදුනට ළඟ වුවිට තැනිතලාව ඉතා පටුවිය. එමෙන්ම දෙපසිනමා පිහිටියේ ප්‍රපාතයකි. සතර දෙසින් අපට දිස්වුයේ ඉතා මනරම් වූ කඳු පන්තියකි. එම කඳු පන්ති අතරින් ශ්‍රී  පදය, Great western, පිදුරුතලාගල ඉතා පහසුවෙන්ම හදුනා ගත හැකිය. එමෙන්ම බොගවන්තලාව ටවුම මනික්පාලම farm එකද  කුඩාවට අපට දැක ගත හැකි විය. එක් පසකින් ගල ආ සිහින් මීදුමත් සිහින් වැසි පොදක පෙරලකුනුත්  පහලවූ හෙයින් අප ආපසු හැරීමට තීරණය කළෙමු. අප නැවතත් ඒමට සැරසෙන විට දවල් 1 පසුවී පමණ තිබුණි. ඇහෙත් අවට පරිසරය ඉතාමත් සිසිල් විය. කන්ද බැසීම නැගීමට වඩා අපහසු විය. මීදුම සහ සිහින් පොද නිසා ගල තලාවන් සහ බූස්ස තෙත ගෙන තිබුණි. එබැවින් පය ලිස්ස යාමේ අවදානම වැඩි විය. එකවරම පැමිණි ඝණ මිදුමකින් අප සියලු දෙන වසා ගැනීමට ගියේ තත්පර කිහිපයක් පමණි. මිටරයක් ඇතින් සිටි අයකු පවා නොපෙනෙන තරමට එය ඝනකම් විය. නමුත් එය එතරම් වෙලාවක් නොතිබිණි. විනාඩි 5ක් පමණ යනවිට එය ගලා ගෙන ගොස් තිබුණි.

කඳු මුදිනේ සිට සතර දෙසු බැලුවිට චමත්කාරය සහ එහ හැඟීම කියා නොහැක. එහි මුදුනට ළඟ වුවිට තැනිතලාව ඉතා පටුවිය. එමෙන්ම දෙපසිනමා පිහිටියේ ප්‍රපාතයකි. සතර දෙසින් අපට දිස්වුයේ ඉතා මනරම් වූ කඳු පන්තියකි. අම කඳු පන්ති අතරින් ශ්‍රී පදය, Great western, පිදුරුතලාගල ඉතා පහසුවෙන්ම හදුනා ගත හැකිය. එමෙන්ම බොගවන්තලාව ටවුම මනික්පාලම farm එකද කුඩාවට අපට දැක ගත හැකි විය. එක් පසකින් ගල ආ සිහින් මීදුමත් සිහින් වැසි පොදක පෙරලකුනුත් පහලවූ හෙයින් අප ආපසු හැරීමට තීරණය කළෙමු. අප නැවතත් ඒමට සැරසෙන විට දවල් 1 පසුවී පමණ තිබුණි. ඇහෙත් අවට පරිසරය ඉතාමත් සිසිල් විය. කන්ද බැසීම නැගීමට වඩා අපහසු විය. මීදුම සහ සිහින් පොද නිසා ගල තලාවන් සහ බූස්ස තෙත ගෙන තිබුණි. එබැවින් පය ලිස්ස යාමේ අවදානම වැඩි විය. එකවරම පැමිණි ඝණ මිදුමකින් අප සියලු දෙන වසා ගැනීමට ගියේ තත්පර කිහිපයක් පමණි. මිටරයක් ඇතින් සිටි අයකු පවා නොපෙනෙන තරමට එය ඝනකම් විය. නමුත් එය එතරම් වෙලාවක් නොතිබිණි. විනාඩි 5ක් පමණ යනවිට එය ගලා ගෙන ගොස් තිබුණි.

16195065_1180365782077000_386985159051851491_n
Final Click

සවස 3 වනවිට අප නැවතත කඳු පාමුලට ළඟ විය. අපගේ චාරිකාවේ නිමවා ලං වෙමින් පැවතිනි. එය ඉතාමත් සාර්ථක අයුරින් නිම කිරීමට අප ගැන්සියේ සියලුදෙනාගේ සහයෝගය ඉතාමත් වැදගත් විය. හරිත කන්දට සමුදීමට බෝපත්තලවට සමුදීමට කාලය එළඹ තිබුණි. අප නැවතත එන ගමෙන්දිද අපට පෙර හමුවූ සහුර්දය මෙන්ම වෙනත් අයුදු මුණගැහුනි. ඔවුන්ගේ සන්ග්‍රහශීලි හසරැල්ල නැවතවරක් ඔවුන්ගේ ගම් පෙදෙසට පැමිණෙන ලෙසට අපට ආරාදන කළහ.

එමෙන්ම ඔබට බෝපත්තලවෙහි නවාතැන් ගැනීමටනම් NLDB හි bangalor එක කලින් වෙන් කල ගත හැකිය. එහ් සදහා තොරතුරු ලබා ගැනීමට link එක ඔස්සේ ඔවුන්ගේ web site එකට පිවිසෙන්න. ඊළඟ ලිපියෙන් හාමුවෙනතුරු සුබගමන්. Happy Travelling to you all 🙂

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s