In to the Unknown(Part I) – Mausakale Reservoir

එය  නව වසරක ආරම්බය සෙමෙස්තරයේ අවසානය විය. කෙතරම අවිදීම්ට ඇලුම් කලද එය, කාලය නොමැති වීමෙන් බොහෝවිට සෙමෙස්තරයේ අවසානයට පමණක් එම සිතුවිල්ල සීමාවිය. 2017 ජනවාරි 19 න් පසු  exam , viva, presentation සියල්ල අවසන් වුන කෝඩුකාර සිතට නැවතත් සිරි ලංකාවේ අසිරිය, සුව විදීමට මද විරාමයක් පැමිණ තිබුණි.

අපගේ මෙවර ගමනාන්තය වුයේ හුදකලා වූත්  ඉතා දුෂ්කර වුත් මනික්ලපාම නම් වූ ගම්මානයේ ඔබ්බෙන් පිහිටි බෝපත්තලාව නම් තැන්නයි. අපගේ අරමුණ වුයේ  රැයක් මෙහි camping කර පහුවදා උදැසනම බෝපත්තලාව කන්ද තරණය කිරිමටයි.

ගැන්සියේ එකෙක් දෙන්නේන්ක් අඩුවුවත් අනෙකන් සියලු දෙනා කොටුව station මට රැස්ව සිටියහ. අපගේ ප්‍රවාහන ක්‍රමය සුපුරුදු ලෙසින්ම රාත්‍රී තැපැල් දුම්රිය විය. වෙලාව 7.15 වන විට පමණ බදුලු රාත්‍රී තැපැල් දුම්රිය 3 වන වේදිකාවේ නැවැත්විය. එදින සතියේ දිනයක් වුව බැවින්ද කෝච්චිය වෙලාවට කලින් පැමිණි නිසාද අපට එක ළඟ ඇසුන් අල්ලා ගැනීමට පහසු කාර්යක් විය. දුම්රිය කොටුව station මෙන් පිට වන්නේ රාත්‍රී 8 ටටය. එතෙක් කිරිමට කාර්යක් නොතිබූ හෙයින් අපගේ ගමනේ පළමු ආහාර වේල සප්පායම් වීමට  තීරණය කළහ.
ගැන්සිය හදුන්වා දීමට නොහැකි විය. ඔවුන් නම් ශවී, කයියා, නැපි, බඩා, සාදු, සෝමේ, අමිල මල්ලි, කළිඳු, සනා, නම්වේ. කොටුවෙන් පිටත් වූ පසු හැටන් දක්වා කල වල පල මෙහි ලිවීමෙන් පලක් නොමැතියි සිතමි. පලක් ඇති දයක් සදහා සාකච්චා වුයේ පසුදින වැඩ කටයුතු සිදුවිය යුතු ආකාරයි. අවසානයේ සැවොම බෝගවන්තල්වට යන අතරතුර මෞසකැලේ ජලාශය නරබිමටද එකග වුනි. හැටන් වල දුම්රිය ළඟ වෙද්දී පාන්දර 3 පමණ වී තිබුණි. රාත්‍රී දුම්රියෙන් පැමිණෙන සිරිපා කරුණා බැතිමතුන් උදෙසා නල්ලතන්නිය දකවා දිවෙන CTB බස් රථයක් දුම්රිය පොළ ඉදිරි පසම නවතා ඇත.

එම බස් 1 අතහැර ඊලඟ බසයේ යාමට තීරණය කළෙමු. නැවතත් බස් රථයක් ඇත්තේ 6ට. එය නල්ලතන්නිය දක්වාම දාවනය නොවන බැවින් මස්කෙලියට ගොස් නැවතත් බස් රථයක් ගැනීමට සිදුවේ.  අපට යායුතුව තිබුනේ මෞසකලේ ජලාශය සහ එයට ඇද හැලෙන දිය ඇලි 2ක නැරබිමටය. ඒ සදහා මස්කෙළිය නල්ලතන්නි මාර්ගයේ නල්ලතනියට කලින් ඇති මරේ state හොල්ට් එකන් බැස 5km ක් පමණ අවිදීමට සිදුවේ. මෙම මාර්ගයේ ද කලාතුරකින් මෙන් බස් ගමන් කරන අතර අපගේ වාසනාවට බසයක් set විය. එහි ගමනාන්තය වුයේද fishing hut එකට සහ  මෞසකලේ ජලාශයට බෙදෙන හන්දිය තෙක් පමණි. එතැන් සිටද ජලාශයට 2km ක් පමණ දුරක් ඇත.

This slideshow requires JavaScript.

උදේ පාන්දරම සියුම් මිදුම අතරින් මෞසකලේ ජලාශය සහ සමනල දිය ඇල්ල පෙනෙන විට අප සියලු දෙනාගේම ගත සිත පහන් විය. මෙවැනි දසුනක් උදෙසනම දෙක ගැනීමට හැකි වීම අප චාරිකාවේ 1 objective එකක් complete කිරීමකි. ජලාශයේ වතුර ප්‍රමාණය අඩුවී තිබු බැවින් පැරණි  නගරයේ තිබූ තාර පාරවල් පවා අපහට දැකගැනීමට හැකි විය. internet එකේ හැමවිටම දැක තිබුනේ මෙම ජලාශය වටා කොළ පැහැය වුනත් පැවිම නිසා දැක ගත හැකි වුයේ රතු පස සහිත හිස් බිම්ය. මෙහිද අප මිට පෙර නොවිදු සුන්දරත්වයක් ගැබ්ව තිබුණි. නම්දු කිසිදු වෙනසකින් තොරව සමනල ඇල්ල ජලාශයට ඉතාමත්ම සුන්දරව අලංකාරව ඇදහැලමින් පැවතිනි. ඇතැමුන් මෙය gartmore ඇල්ල නමින්ද හදුන්වන අතර සමහරු gartmore ඇල්ල මෙයට ඉහලින් පවතී යි  සදහන් කරයි.  කෙසේ නමුත් එහි සුන්දරත්වය වචනයෙන් විස්තර කිරීමට නොහැක.

මෙහි සුන්දරත්වය මදක් විද අවසන් වී ඊට එහායින් පිහිටි අනෙක් ඇල්ල බැලීමටද අප පිට වූයෙමු. ඒ සදහා නැවතත් state  එක හරහා මාර්ගයක් ඇති නමුත් ජලාශයේ වතුර මට්ටම අඩු බැවින් කන්දඩිය දිගේ යාමට තීරණය කළෙමු. එය තරමක් adventurous ක්‍රියාවක් බවට හැගුනේ එහි අවසානයට ලංවෙමින් සිටි විටයි. අප ආ ආඩි පර ඉතාමත් කෙටි සහ පහල ඇති ප්‍රපතයත් සමග අප සියලන්ගේම මතකෙට අවේ sherlock holmes කතාවේ Reichenbach දිය ඇල්ලයි. මෙම දිය ඇල්ලේ නමනම් නොදන්නා අතර මෙම දිය ඇල්ල සහ සමනල දිය ඇල්ල යන 2ම එකම ජලාශයට එකම ස්ථානයෙන් ඇදහැලන බැවින්ද මෙය ඉතා ප්‍රසිද්දියට පත්වී ඇත.

This slideshow requires JavaScript.

මෙම ස්ථානයේද අපට වැඩි කාලයක් ගත කිටිමට සිතුනත් අවටින්ගලා ආ වැහි කලුවත් වැහි පොදත් නිසා ඉක්මන් කර අපේ ගමනාන්තය කර යාමට තීරණය කළෙමු. අපාසු ගමනේදී අපට නල්ලතන්නි ප්‍රදාන මාර්ගය තෙක්ම වෙහි පොදේ තෙමි තෙමි පයින්ම ගාටන්නට සිදු විය. Halt එකට පැමිණි විගසම අපිට බස් රථයක් සෙට් වුන අතර එය මස්කෙළිය, norwood හරහා ගමන් කර අතර අපිට යායුතුව තිබුනේ බෝගවන්තලවට බැවින් අප නොර්වූඩ් වලින් බැස ගෙන දිවා ආහාරය ගැනීමට තීරණය කළෙමු.
නොර්වූඩ් වල සිට ඉතිරි ගමන ඊළඟ article එකෙන් ලිවීමට බලාපොරොත්තු වන අතර දැනට In to the unknown ලිපියෙන් සමුගැනීමට අවසර පතමි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s